Sunday, January 15, 2017

ආදරයට බය?

සඳ එළිය මලානිකයි.වේලිල ඉරි තැලිණු පොළොවට ඒ මළානික හඳ එලිය වැටුනහම වටපිටාවෙ තියන ගුප්තබව තව වැඩි වෙනව.ඒ අතරෙ හමාගෙන එන සීතල සුළං රැලි මද්දහනට මිසක් රාත්‍රියට ගැලපෙන්නෙ නෑ.ඒ උනාට මේ දේ කවදාවත් නවතින්නෙ නෑ.




මේ වගේ නොගැලපෙන සිද්ධීන් දාමයක අතෝරක් නැති සංවාදයක් ගොඩනැගීම මම දකින්නෙ ප්‍රේමය විදිහට.


ඇයි ඔයා ප්‍රේමයට එහෙම නැත්තම් ආදරයට බය?

මම ගැන දන්න මගේ ලඟම මිතුරිය අහපු ප්‍රශ්නයක්.මම කල්පනා කරනව,තාමත් මේ වෙනකන් කල්පනා කරනව හැබැයි තාමත් ඒකට උත්තරයක් හොයාගන්ඩ බැරි උනා,තාමත් හොයනව..දැනටත් හොයනව.

ඇත්තටම මම ප්‍රේමයට,එහෙම නැත්තම් ආදරයට බයද?

මම මගෙන්ම ප්‍රශ්න කරනව.

'ඔව්' 

කොච්චරද කීවොත් ඒ ගැන හිතන්ඩත් අකමැති තරම්.

පැරණි ප්‍රේමයක් ගැන මතක් උනහම..,එහෙම නැත්තම් මම පේමයකට යොමුවෙනව කියල දැනුනහම ඇතිවන ව්‍යාකූලත්වයෙන් මිදෙන්ඩ කොහොමත් දවස් දෙක තුනක් යනව.

සමහර විට ඊටත් වඩා.

මට මම ගනම දැනෙන්නෙ අප්‍රසන්න හගීමක්....පිලිකුල් හැගීමක්..මට මාව පිළිකුල් බව ලෝකෙටම හඬගාල කියන්ඩ කියල මගේ හදවත හැමවෙලාවකම මට කියනව.මට කාගෙ එක්කවත් ප්‍රේම සම්බන්දයක් ගොඩ නගා ගනීමට මානසික ශක්තියක් නෑ.මොනනයම් හේතුවකට හරි හිනාවෙලා තියනවද කියලවත් හරියට මතක නෑ.කොහොමත් මට දැනෙන්නෙ මම මහ අප්‍රසන්න මිනිහෙක් කියල විතරයි.

ප්‍රේමය මට දනෙන්නෙ පරාජිත එහෙම නැත්තන් ප්‍රතික්ෂේපිත හැඟීමක් විදිහට.ඉතින් මම නැවත නැවත ඒ ප්‍රතික්ෂේපිත බව විඳින්ඩ බයයි.

මම නිතරම පෙම්වතුන් දකිනව.ඔවුන් ගැන ඊරිශියාත් හිතෙනව...ඒත් ඒ සම්බඳතාවන් බිඳවට්ටන්ඩ ඕනෙ,විනාශ කරන්ඩ ඕනෙ කියන හැඟීම ඇවිල්ල නෑ.මම ආසයි ඒ කට්ටිය ආදරය කරනවට.

ඒත් මට නෙවෙයි ඒ ගොල්ලන්ටම.

No comments:

Post a Comment